නෙල්සන් මැන්ඩෙලා සමරු රචනා තරගය- 2021

WhatsApp Image 2021-07-21 at 10.28.27

කුසට අහර මෙන් මොළයට පොත් පත් ය
නෙල්සන් මැන්ඩෙලා සමරු රචනා තරගය- 2021
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම මානව සමාජයේ තැලෙන පෑගෙන ජනතාව වෙනුවෙන් තම ජීවිතය කැප කරමින් දිවි ගෙවූ සැබෑ මානව හිතවාදියෙකු වන නෙල්සන් මැන්ඩෙලා තුමන් පිළිබඳව කොළඹ ළමා පොත් සංගමය  unesco ව්‍යාපෘතිය මගින් පවත්වන වාර්ෂික  ළමා රචනා තරගය සඳහා දැන් නිර්මාණ බාරගනු ලැබේ.
     මේම රචනා තරගය සඳහා භාර ගන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු රචනා පමණක් බව කරුණාවෙන් සලකන්න.
      පහත සඳහන් පරිදි නිර්මාණ අංශ තුනක් යටතේ ඉදිරිපත් කළ හැක.
1. ්‍රාථමික අංශය.  5  වසරේ වහල සිසුන් සඳහා.  –
  මා දකින අප්‍රිකානු ජන නායක නෙල්සන් මැන්ඩෙලා’The African leader I see is Nelson Mandela
   මැයෙන් වචන 100 ක් දක්වා  ්‍රමාණයේ රචනා.
2.  කණිෂ්ඨ අංශය  – 6  සහ9  වසර දක්වා සිසුන් සඳහා  -නෙල්සන් මැන්ඩෙලා ලෝක ජන නායකයෙකි.- Nelson Mandela is a world leader) වචන 200 දක්වා ප්‍රමාණයේ    රචනා
3.  ජේෂ්ඨ අංශය – 10  වසරෙන් ඉහළ සිසුන් සඳහා  –
-මානවහිතවාදී මැන්ඩෙලා දුන් සමාජ පණිවිඩයඅද වඩාත් වටී (The social message given by the humanitarian Mandela is even more valuable today
   වචන 300 ප්‍රමාණයේ  රචනා.

තම රචනාව සමග පහත සඳහන් විස්තර වෙනම  කොලයක ලියා අමුණා එවිය යුතුය.
  තරගකරු ගේ නම;-…………………………………………..
  සාමාජික අංකය( ඇත්නම්);- ………………………..
පාසලේ නම;-…………………………………………………..
ඉගෙනුම ලබන වසර;………………………………………

මෙම නිර්මාණ සඳහා රුපියල් 50ක ඇතුලත්වීමේ  ගාස්තුවක් අයකරන අතර, එම මුදල  ළමා පොත් සංගමය – unesco ව්‍යාපෘතිය නමින්  ලංකා බැංකුව බොරැල්ල ශාඛාව අංක 193 697 දරන ගිණුමට බැර වන ලෙස තැන්පත් කර ලබාගත් ලදු පත ද අමුණා එවිය යුතුය.
ඔබගේ  රචනාව ඔබගේම නිර්මාණයක් බවට මව්පිය හෝ භාරකරු විසින් සහතික කර  මෙම ජූලි මස 31  දිනට  පෙර එවිය යුතුය.
 
තිළිණ සහ සහතික ප්‍රධානය;
   එක් එක්  අංශවලින් ප්‍රථම දෙවන හා තුන්වන ස්ථාන ජයග්‍රහණය කරන සිසුන්ට රන්,  රිදී සහ ලෝකඩ පදක්කම් සහ සම්මාන සහතික හිමිවේ.
වැඩිම සිසුන් ගණනක් තරගාවලියට ඉදිරිපත් කරන පාසල්  තුනක පුස්තකාල සඳහා පුස්තකාල පොත් පාසල තුනක් තිළිණ කෙරේ.
    තම නිර්මාණ සඳහා ලකුණු හතලිහකට ඉහළින් ලබා ගන්නා සිසුන්ට කුසලතා සහතික හිමි වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *