සේද මාවතේ දීප චාරිකාව

19  වැනි වරටත් පැවැත්වෙන සේද මාවතේ දීප චාරිකාව

 මෙවර බැද්දේගම සිලිදුගේ නෑදෑයන් සොයා යන සංස්කෘතික දූත චාරිකාව!

       මානව ඉතිහාසයේ අතීත කතාව සිහිපත් කරන පෙරදිග හා අපරදිග යාකළ මහා සංස්කෘතික අතීත කතාව  වන සේද මාවත වාර්ෂිකව සිහිපත් කරන ආසියාවේ ප්‍රබලතම සජීවී වැඩසටහන වන දීප චාරිකාව මෙම අගෝස්තු මස 30 සහ 31 වැනි දින බැද්දේගම පුරාවෘත්තයෙන් කියවෙන  හම්බන්තොට ප්‍රදේශය කේන්ද්‍ර කොට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙවර දීප චාරිකාව වෙනුවෙන් පැවැත්වෙන අධ්‍යාපනික තරගාවලියට  පහත සඳහන් තරග ඇතුළත් වේ.

1. රචනා තරගය, 2. චිත්‍ර තරගය, 3 සාමාන්‍ය දැනීම, 4.ජන ගායනා සහ 5.  දේශාභිමානී ගී තරග. 

  • රචනා සහ   චිත්‍ර රචනා තරග නිර්මාණ  නිවසේදී නිමකර මෙම අගෝස්තු 18 වැනි ඉරිදා ට පළමුව සංගමයට ලැබෙන්නට සැලැස්විය යුතුය.
  • මෙම සාහිත්‍යය තරග සඳහා 10 -11 වසර වල   සිංහල සාහිත්‍යය සංග්‍රහය පොතේ නව වැනි පරිච්ඡේදයේ එන බැද්දේගම පාඩම අධ්‍යයනය කරන්න. 

රචනා මාතෘකා

ඔබට සිතෙන…1.සිළිඳු චරිතය 2.ආරච්චි චරිතය 3. පුංචි මැණිකාගේ චරිතය

චිත්‍ර මාතෘකා,

1. පාඩම් ඇසුරෙන් ඔබ සිත් ගත් අවස්තාවක් 

(සැ:යු:-ප්‍රාථමික අංශය සඳහා රචනා තරගය නොපැවැත්වේ) 

6-9 වසර (කණිෂ්ඨ අංශය) වචන 250 ක රචනයත් 

10-11 වසර (ජේෂ්ඨ අංශය) වචන 500ක රචනයක් ද ලිවිය යුතුය.

බැද්දේගම දී පැවැත්වෙන තරග:

 සාමාන්‍ය දැනීමේ තරගය

 බැද්දේගම ඉතිහාසය, සහ එදිනෙදා සාමාන්‍ය දැනීම  ුරෙන් පොදු ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කෙරේ.

 ජන ගායනා තරගය

 මේ සඳහා  ජනකවියක් ගයන කිරීමට සූදානම්ව පැමිණෙන්න.

දේශාභිමානී ගී තරගය

 මේ සඳහා දේශාභිමානී ගීතයක් ගායනා කිරීමට සූදානම්ව පැමිණෙන්න.

සෑම තරගයකින්ම,  

  • 1, 2 සහ 3 ස්ථානය හිමිකරගන්නා තරගකරුවන්ට සමස්ත ලංකා සහතිකයක් හිමිවේ.

(සැලකිය යුතුයි:-  එසේ නොහැකි වන තරගකරුවන්ට, සහභාගි වන තරග වලින්, ඉහලම ලකුණු ලබා ගන්නා තරගයට පමණක් පහත සඳහන් පරිදි සහතික පත්‍රයක් හිමිකරගත හැකිය වේ.) 

  • විශිෂ්ට(ලකුණු 75 වැඩි),  සම්මාන( ලකුණු 60 ට වැඩි) කුසලතා( ලකුණු 50 ට වැඩි) සහ සහභාගිත්ව ( ලකුණු 40 ට වැඩි)  

 සමස්ත තරගාවලියෙන් ම ,

  • ප්‍රාථමික, කනිෂ්ඨ සහ ජේෂ්ඨ අංශවලින් ප්‍රථම , දෙවන හා තුන්වන ස්ථාන තෝරා ඔවුන්ට සහතික සහ පදක්කම් පිරිනමනු ලැබේ.
  • සමස්ත ජයග්‍රහකයින් තෝරාගැනීමේදී තරග අංශය පහටම සහභාගීවූ දරුවන්ගේ මුළු ලකුණු වල එකතුව සලකා ජයග්‍රහකයන් තෝරනු ලැබේ .

ඔබට ඉදිරිපත් විය හැකි තරග ඉසව් ගණන තුනක් වේ.එක තරග ඉසව්වකට ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 50/=  වේ. මෙම මුදල බැංකුගත කර එහි රිසිට් පතද, සංගමයේ වෙබ් අඩවියේ ඇති (www.ccbsunesco.org ) අයදුම්පත ද නිසි පරිදි පුරවා ඔබගේ නිර්මාණ සමග අගෝස්තු 18 ට පෙර සංගමයට එවන්න. 

සාමාජිකත්වය සඳහා ලකුණු දහයක් එකතු කෙරේ. මේ වන විට ඔබගේ සාමාජික අංකය හිමිවී නැත්නම් ඔබ සාමාජිකත්වය ලබාගත් දිනය හෝ සාමාජික මුදල් ගෙවූ රිසිට් පත රිසිට් පතේ පිටපතක්  සංගමයට ඒවා අංකය ලබාගන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *