Silk Road Tour – August

ළමා පොත් සැඟැවී දොළොස්මහේ පහන වැඩසටහන යටතේ අගෝස්තු මාසෙට නියමිතව ඇත්තේ දීප චාරිකාවයි. මෙවර දීප චාරිකා සඳහා නියමිතව ඇත්තේ ලෙනාඩ් විසින් රචිත village in the jungle යන නවකතාවෙන් හඳුන්වා දෙන ලද  බද්දේගමට යාමයි. එහි සිළිඳුගේ නෑදෑයන් හමුවීමයි,

 මොකක්ද මේ දීප චාරිකාව? මේ විස්තර ඔබට ඊට පිළිතුර සපයයි. ළමා පොත් සංගමයට පළමුවෙන් කතා කර. 

ශ්‍රී ලංකාවේ සාක්ෂරතා මට්ටම අද පවතින තත්ත්වයට ගොඩගැනීමට එදා යුනෙස්කෝවේ උපදෙස් පරිදි කොළඹ ළමා පොත් සංගමය ගෙනගිය උදාර  මෙහෙවර දොළොස්මහේ පහන තුළින් නිරාවරණය විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය මත යුනෙස්කෝ මහාචාර්ය ආනන්ද ගුරුගේ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කළ කොළඹ ළමා පොත් සංගමය ළමා මනස  පුබුදුවාලීමට සෑම මසකම ක්‍රියාත්මක කළ දොළොස්මහේ පහන ඇත්තෙන්ම දරුවන්ගේ නිසග කුසලතාවන් ඔප් නංවා ගත් අපූරු වැඩසටහනක් විය.

        යුනෙස්කෝ උපදෙස් අනුව මෙම ක්‍රියාකාරී සාමාජික දරුවන් එක වරක්වත් පන්ති කාමරයෙන් පිටතට ගෙන ක්ෂේත්‍ර චාරිකාවක සහභාගි කළ යුතු බවට සංගමයට උපදෙස් දී තිබුණි. ඒ අනුව සංගමය සිදු කළේ වසරකට වරක්  සාමාජික දරුවන් සියලු දෙනාම කිසියම් සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථානයක් වෙත එක්ව යාමයි. එම සංචාරයේදී දරුවන්ට තමන්ගේ නිසඟ කුසලතා පෙන්වීමේ අවස්ථාවක් ද ඇතිවිය. මෙම වැඩ ඇතැම් දරුවන්ට ිලෝමීටර් 300 තරම් දුර ප්‍රමාණ ගමන් කිරීමට සිදුවිය. කොළඹ ළමා පොත් සංගම් කාර්යාලය අසලින් ආගමික කටයුතු සිහිපත් කර  ආරම්භ වන ප්‍රධාන බස් රථයට අංක එක හිමි විය. ඊට අනුරූපව ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මෙම දීප චාරිකා පෙරහරට සම්බන්ධ වන වාහන වලට අංක දෙක තුන හතර ආදී අනුපිළිවෙලින් අංක හිමිවිය. මෙම අංක යටතේම සියලුම රියදුරන් ගමන් කළ යුතු වීම එක විශේෂයකි. විශේෂ කරුණක් හැරෙන්නට සියලුම බස් රථ ඒ අංක අනුපිළිවෙළින් වාහන පෙරහැරේ ගමන් කළ යුතු විය.

    ආරම්භක සමයේ පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ පෙර ගමන් රථයක් දී චාරිකා පෙරහරේ මුලින්ම ගමන් කළ අතර  එවිට මහා මාර්ගයේ සියලු මාර්ග බාධක ඉවත් වී දීප චාරිකා ළමා පෙරහැරට ප්‍රමුඛස්ථානය හිමිවිය.

.. නියමිත ස්ථානයට ළඟා වූ පසු මෙම වාහන වලින් ආ දීප චාරිකා කණ්ඩායම පිළිගැනීම සඳහා විශාල උත්සව ඒ තැන්වල පැවැත්විණි. වරෙක අනුරාධපුරයට ගිය දී චාරිකා කණ්ඩායම පිළිගැනීමට අපගේ හිටපු ප්‍රධාන සම්බන්ධ ලේකම් ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති  royston ජයවර්ධන මහතා විසින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ විශාල තොරන නිම කර තිබුණි. එතැන් සිට අදාළ ස්ථානය වෙත ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පෙරටුකරගත් පෙරහැරකින් ගමන් කිරීම සිදු විය. මූලික වැඩසටහනෙන් පසුව සවස 7.00 වන විට රාත්‍රී සංස්කෘතික වැඩසටහන ඇරඹේ. එහිදී ලංකාවේ සිවු දෙසින් පැමිණෙන ළමයින් ජන ගී ජන නැටුම් දේශාභිමානි ගී ආදිය මහත් සතුටින් ඉදිරිපත් කරන්නට පටන් ගනියි. මෙම  තරග මධ්‍යම රාත්‍රී 12.00 පමණ වන තුරු සිදුවේ. විනිශ්චය මණ්ඩලයට සහභාගි වූ එක්තරා විදුහල්පතිවරයෙකු මා සමඟ පැවසුවේ තමන් අවුරුදු තිස් ගානක් ගුරු සේවයේ යෙදී සිටිය ද මධ්‍යම රාත්‍රියේ දරුවන්ගේ තරග විනිශ්චය කළ පළමු වතාව මෙය බවයි. බොහෝ අවස්ථාවල මෙම දීප චාරිකාවට විදේශ අමුත්තන් ද සහභාගි වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරින් පවා ඇතැම්විට සහභාගි විය. 

    ඇත්තෙන්ම මෙවන් වටාපිටාවක දරුවන්ගේ සැඟවූ කුසලතාවන් හරියාකාරයෙන් එලි දැක්වෙන අයුරු අප බොහෝ විට දැක ඇත දෙමව්පියන් මෙන් ද ගුරුවරයන් ද ළමයින්ගෙ නව කුසලතා එළි දැක් වූ බව අප සමඟ පවසා ඇත.

     ඉන්පසු අප කණ්ඩායම ඊළඟ උදයේ ආහාර ගැනීමෙන් පසු එම අදාල ස්ථානය වල සංස්කෘතික වටිනාකම ළමයින්ට හඳුන්වා දෙමින් දවල් වනතුරු සංචාරය කර සහතික පත් බෙදා දීම සහ සම්මාන පදක්කම් ලබා දීම සිදු කරයි.

      අවසානයේදී ඊළඟ වසරේ දීප චාරිකා වැඩසටහන පවත්වන්නෙ කුමන නගරයට ද යන්න තීරණය කර කණ්ඩායම් සමු ගැනීම සිදුකරයි. බොහෝ දරුවන් දීප චාරිකාවෙන් පසු මාරු කාසි එකතු කිරීමට කැටයක් විවෘත කරයි. දීප චාරිකා කැටය ලෙස නම් කරන ඊළඟ වසනතුරු දීප චාරිකා ගමන සඳහා වන වියදම් රැස් කිරීමට මෙම කැටය භාවිතා කරයි. හරි අපූරු පුරුද්දක් නේද මේ. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *