2019 පාරිසරික සමුලුව – පින්ලන්තය

පින්ලන්තයේ හෙල්සින්කි නුවරදී පැවැත්වෙන පරිසර සමුලුවට ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම අදහෙල්සින්කි නුවර බලා ගමන් කරන ලදී. මැයි 29 සිට ජූනි 05 දක්වා පැවැත්වෙන මෙම වැඩමුලුවට රටවල් 100ක පමණ නියෝජිතයන් සහබාගී වීමට නියමිතය. පින්ලන්ත ජනාදිපතිතුමගේ ප්‍රදානත්වයෙන් ජූනි 05වන දින පැවැත්වෙන ලෝක පරිසර දින සැමරුමට සමගාමීව සතියක් පුරා පාරිසරික වැඩමුලු සම්මන්ත්‍රණ දේශන, රුක් රෝපණ වැඩසටහන්, ප්‍රායෝගික වැඩසටහන් විශ්ව විද්‍යාලීය සමීක්ශණ ආදිය සපිරි මෙම වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායක කොලඹ ලමා පොත් සංගමයේ සබාපති ආචාර්‍ය ධම්මදේශ අම්බලම්පිටිය මහතාය. කොළඹ ළමා පොත් සංගමය වසර 40කට ආසන්න කාලයක් මෙරට රුක් රෝපණය සම්බන්ධව සිදු කරන ලද සුවිසල් මෙහෙවර සලකමින් පින්ලන්තයේ පාරිසරික ආයතනය විසින් අම්බලම්පිටිය මහතාට පාරිසරික තානාපති ලෙස ගෞරව සම්මානයක්ද 2008 වසරේ පිරිනමන ලද අතර, මෙවර කණ්ඩායම් නායකත්වය පිරිනමා ඇත්තේ ඒ මහතා කොළඹ ළමා පොත් සංගමය තුලින් ශ්‍රී ලංකාව පුරා ළමා පරපුර පරිසරයට ආදරය කරන ළමයින් කණ්ඩායමක් බවට පත් කිරීමට ගෙන ඇති අප්‍රතිහත ධෛර්‍යය නිසාය. මෙවර සිදු කෙරෙන තවත් සුවිශේශී සිද්ධියක් වන්නේ ඉතිහාසයේ ප්‍රතම වතාවට ශ්‍රී ලාංකික ලේකකයකු විසින් ලියන ලද ග්‍රන්තයක් පින්ලන්ත ජනරජයේ ජනාධිපතිතුමන්ට පිරිනැමීමට නියමිත වීමයි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *