අටපට්ටම -හසන්ත ශ්‍රී ලාල් ගිනස් වාර්තාවට යැවූ මාධ්‍යවේදියා !!

ටෙලිවිෂන් ඉස්කෝලේ කියන කාලින වැඩසටහන මගින් ඉතාම ඵලදායක ාකච්ඡාවක් ප්‍රචාරය වුණා. එහිදී සාකච්ඡා වුණේ ‍අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වන නව ළමා පොත් හඳුන්වාදෙන වැඩසටහන පිළිබඳවයි. ‍ශ්‍රී ලංකාවට නව ළමා සාහිත්‍යයක් හඳුන්වාදුන් ්‍රථම ස්වේච්ඡා වැඩසටහන වශයෙන් කොළඹ ළමා පොත් සංගමය මෙම මාධ්‍ය වැඩසටහන මෙහෙය වූ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතාට සුබ පතනවා.. ඇතැම් මාසවල එකම ළමා පොතක්වත් පල නොවුන එදා 1980 වැනි කාලයක දී බිහිවුන කොළඹ ලමා පොත් සංගමය ඉන්පසු මෙරට ළමා සාහිත්‍යය වර්ධනය කරන්නට බෙහෙවින් ම කැප වුණා. ප්‍රංශයේ යුනෙස්කෝ මූලස්ථානයේ උපදෙස් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංගමය දියත් කල මෙම වැඩසටහන එවකට අතිශයින් ජනප්‍රිය වුණා. 1985 ආරම්භ කළ වසන්ත ළමා කඳවුරේ දී පැවැත් වූ විස්මිත ළමා පොත සෙවීමේ තරගයෙන් ජයග්‍රහණය කළ පළමු ළමා ලේඛකයා තමයි මාතලේ උකුවෙල නිශාන්ත කුමාර නමැති ශිෂ්‍යයා.. අද වන විට ඔහු මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාධ්‍ය නිලධාරී ලෙස සේවය කරනවා. 1987 ළමා පොත් සංගමය සංවිධානය කළ දීප ව්‍යාප්ත ළමා සාහිත්‍යය තරගාවලියෙන් ජයග්‍රහණය කළ නුගේගොඩ kithmini වීරකෝන් අද රජයේ වෛද්‍යවරයෙක්. ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ සුතිමා තරංගි ගෝනාපිනුවල. අද වන විට සරසවි කථිකාචාර්යවරියක් ලෙස සේවය කරනවා.මේ ආකාරයෙන් අපගේ මව්බිමේ ළමා පොත පත ලිවීම පිළිබඳ පුහුණුව සහ හඳුනා දීම් සිදු කළ කොළඹ ළමා පොත් සංගමය මේ වන විට ළමා ලේඛක ලේඛිකාවන් හත්සිය දහයක් පමණ හඳුන්වා දී තිබේ. පසුගිය තිස් පස් වසර පුරා මෙම සංගමයෙන් පුහුණුව ලබාදී ඇති ලේඛක ලේඛිකාවක් පිරිස දෙදහසක් පමණ වෙනවා. ළමා පොතක් ලිවීම පුරුද්දක් කරගත් අපේ එදා සිටි කුඩා ළමා ලේඛකයින් අද වන විට සමාජය සුවඳවත් කරන සුවිශේෂී පුද්ගලයන් බවට පත් වී සිටිනවා. අද වැඩ සටහනට සහභාගිවූ කමලා මහත්මියද සංගමයේ වැඩමුළු මාලාවේ එවක සහභාගි වූ සාමාජිකාවක්. අපගේ උපදේශක වරයෙකු වන මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා සංගමයේ සමාරම්භයේ සිටම මෙම වැඩසටහන සාර්ථක කර දීමට උදව් කළ විද්වත් පුද්ගලයෙක්. මේ රටේ විශිෂ්ට දේශකයකු වන එතුමා 6 පන්තිය දක්වාම වචනයක්වත් කතා කිරීමට නොහැකි සිටි බව පැවසුවා. අද වන විට එතුමා මුළු දේශයේම විශිෂ්ට දේශකයෙක් වී සිටින බවත් අපි දන්නවා. ඒ වගේම ්‍රකට ලේඛිකා කමලා මහත්මිය පවා පුංචි කාලයේ නව රචනාවක් ගොඩනැංවීමට තිබූ අපහසු බව කීවා. මේ සියල්ල ළමා ඔබට ඉතා වටිනා පාඩම්.අපේ රටේ අද සිටින විශිෂ්ට මාධ්‍යවේදියකු වන ආචාර්ය හසන්ත ශ්‍රී ලාල් හෙට්ටිආරච්චි මහතාගේ පැරණි සිද්ධියක් අපට මෙහිදී මතක් වුණා. වසර විසි ගණනකට පෙර ඒ මහතා උසස් පෙළ විභාගය හැදෑරීමෙන් පසුව තමන් විසින් ලියූ මංගල පොතද රැගෙන කොළඹට පැමිණියා. ඒ තමයි ටකරම් පුත්තු. ඔහු එම පොත රැගෙන මුළු කොළඹ නගරය පුරා ම පොත් සාප්පු වල ඇවිද ගියත් කිසිම පොත් සාප්පුවකින් එම එක පොතක්වත් බාර අරන් නැහැ. පොත් මිටියත් රැගෙන කොළඹ පුරාම ඇවිද හෙම්බත්ව සිටි ඔහු අවසානයේ වැඩිහිටියෙකුගේ ලද උපදෙස් පරිදි බොරැල්ලේ පිහිටි කොළඹ ළමා පොත් සංගමයට ගොඩ වුණා. ඒ වන විට. මූනෙ දළ රැවුල් පමණක් නැගෙමින් තිබූ මෙම තරුණ ලේඛකයා ලිවීම තුළින් ලද පළමු අත්දැකීමෙන් දැඩි අසහනයට පත්ව සිටියා. අපෙන් ඉල්ලා ලොකු වතුර වීදුරුවක් බී ගත් පසු ඔහු තමන් මුහුණ පෑ සියලු කරදර කීවා. මේ කටුක අත්දැකීම තුළින් තමන්ට මුහුදේ පනින්න හිතෙනවා යනුවෙන් එදා කිව්වේ ලේඛනය පිළිබඳ දැඩි කළකිරීමකින්. ළමා පොත් සංගමයට ගොඩවෙන විශේෂයෙන්ම ළමා ලේඛක ලේඛිකාවන්ට සැලකිය යුතු ආකාරය සංගමේ උපදේශක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා අපට කියා දී තිබුණා. ඒ අනුව හසන්ත ලේඛකයාට පුටුවක් දී වාඩිවෙන්ට සලස්වා ඔහු ගෙනා පොත් සියල්ල සංගමයෙන් බාරගත්තා. කිසියම් සුළු මුදලක් අත්තිකාරමක් වශයෙන් ද දුන්නා. ඇත්තෙන්ම මේ තරුණ ලේඛකයා ඒ අවස්ථාවේ සැබෑ වෙනසකට පත් වුණා. ොළඹ නගරයම තමන්ලියූ පළමු පොත ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ තමන්ට මුහුදට පනින්න හිතුනා යැයි ඔහු අප සමග කීවා. අප විසින් ඔහුට දැක්වූ සැලකිල්ල අනුව ඔහු කීවේ මම ලේඛන කලාවෙන් සදහටම අයින් වෙන්නයි හිතන් හිටියේ. නමුත් කොළඹ පොත් සංගමයට පැමිණීමෙන් පසු මගේ අදහස වෙනස් වී ගියා. මං නැවතත් ලේඛන කටයුතු ආරම්භ කරනවා. ඔහුගේ මේ දිරිමත් කතාව අප සංගමයේ සියලු දෙනාටම ලොකු සතුටක් වුණා. එහි ප්‍රතිඵලය වුණේ ඔහු සුවිශේෂී ලේඛකයකු දේශකයෙකු සහ විද්වතකු බවට පත්වීමයි. එදා අපේ ළමා පරපුර ම වශී කරගත් දඩිබිඩිස් වැනි කතා වලින් පසුව මෙම දක්ෂ ලේඛකයා ාධ්‍ය ලෝකෙම ජයග්‍රහණය කර ගිනස් ලෝක වාර්තා තැබීමට පවා සමත් වුණා. අධ්‍යාපන ඇමති තුමාගේ උපදෙස් පරිදි ලිවීමට උත්සාහ දරන දරුවන්ට හසන්ත මහතාගේ මෙම ජීවන අත්දැකීම ඉතා හොඳ ශක්තියක් වනු ඇත. ඒ අනුව. ඔබ අද නිර්මාණය කරන ළමා පොත තුලින් මතු දිනෙක සමස්ත සමාජයට ම ඵලදායක පුද්ගලයකු වනු ඇති. ළමයින්ගෙ නැටුමට ගැයුමට සංගීතයට ාධ්‍ය තුළින් අසීමිත ප්‍රචාරයක් ලබා දෙමින් ළමා මනස මෙන්ම වැඩිහිටියන්ගේ මනස ද අවුල් කරවන සමාජයක ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ඇමති තුමා විසින් හඳුන්වා දී ඇති මෙම වැඩපිළිවෙල ඇත්තෙන්ම මෙරට සියලුම ජනතාවගේ ගෞරවයට පාත්‍ර විය යුතු වැඩසටහනක් ඒ අනුව ඊට සහභාගි වන ලෙස දිවයින පුරා විසිරී සිටින ළමා සංගමයේ අපේ ආදරණීය ළමා පරපුරෙන් ඉල්ලා සිටිනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *