“Nelson Mandela Day” in Sri Lanka

This image has an empty alt attribute; its file name is Ku31RL2WJzlF86okGyX3E6ulyH06S4iEDErRDa7APISB6EbeavbxlOtwtUQhma05BhbsBb3Rt9CL5I7CGQC_lSA6YH9RQmEcZmCNriezrQ5Qf0k3V2ZYiGf4vwVJ2EJIN9PUVqED

කොළඹ ළමා පොත් සංගමය

 1983 – 1988 කාලය තුළ දිවයින පුරා ළමා පුස්තකාල සහ පාඨක සමාජ නවසීයක් ආරම්භ කරමින් 1989දී ලෝකයේ සාර්ථකම සාක්ෂරතා වැඩසටහන  ලෙස ප්‍රංශයේ UNESCO මූලස්ථානයෙන් ලෝක සම්මානය දිනු 2004 දී නවසීලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවේදී ළමා කුසලතා වර්ධනය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පිහිටි සාර්ථකම වැඩසටහන් ලෙස අගැයීමට පත් ළමයින් වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකාවේ පුළුල්තම ස්වේච්ඡා සංවිධානය

84,  ලෙස්ලි රණගල මාවත කොළඹ 08

Tel/fax 0112 686878, m; 0718153788;web;www.ccbsunesco.org; E  mail: [email protected]

                                                                                                                                 2019/05/28

නෙල්සන් මැන්ඩෙලා දිනය සහ  ළමා ඉංග්‍රීසි දිනය

               July 18 උත්සවය july 20

     මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙකු ලෙස ලොවම සැලකුම් ලබා දෙන  අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ සැමරුම් දිනය මෙම ජූලි 18 වැනිදාට යෙදී තිබේ. එතුමන්ගේ සැමරුම් දිනය වෙනුවෙන් පසුගිය වසරේද කොළඹ ළමා පොත් සංගමය කොළඹ මහජන පුස්තකාලය සමග විශේෂ සැමරුම් උත්සවයක් පවත්වන ලද අතර මෙම වසරේ ද නෙල්සන් මැන්ඩෙලා දිනය සැමරීමට ළමා පොත් සංගමය කටයුතු සංවිධානය කර ඇත. නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා හමු වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන්නේ 1995 සිම්බාබ්වේ හි දී පැවැති මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සම්බන්ධ වූ ළමා පොත් සංගමේ සභාපති ධම්ම දේශ අම්බලන්පිටිය මහතාය 

It is easy to break down and destroy.The heroes are those who make peace and build. ‘ - Nelson Mandela -

වීරවරයෙක් විසින් ගොඩනගා ආයාසයෙන් නිර්මාණය කරන ලද සාමය, කඩාබිඳ දැමීම සහ විනාශ කිරීම ඉතා පහසු දෙයකි. 

         එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නෙල්සන් මැන්ඩෙලා මැතිතුමාගේ ඉහත උදෘතය සඳහා ඉහළ ගෞරවයක් ලබා දී ඇත.   නෙල්සන් මැන්ඩෙලා තුමාගේ ජන්ම දිනය වන july 18 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මැන්ඩෙලා දිනය ලෙස නම්කැර ලද්දේ 2009 වසරේදීය නෙල්සන් මැන්ඩෙලා දිනය යනු ්‍රසිද්ධ නිවාඩු දිනයක් නොවේ.1918 ජූලි 18 වැනිදා උපන් එතුමා 2013 දෙසැම්බර් පස්වෙනිදා මෙලොවින් සමුගත්තේය.එතුමා 1994 සිට 1999 දක්වා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධූරය ඉසිලීය. එය එතුමාට ගරු කරන ලෝකයා විසින් එතුමන්ගේ ගුණ සමරන සාම දිනයක් බවට පත් වී තිබේ.   නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ප්‍රජාතාන්ත්‍රික ජනාධිපතිවරයාය. වසර 40ක් තුල විවිධ සම්මාන 260 ක් දිනා ඇති මැන්ඩෙලා ලබාගත් ්‍රේෂ්ඨතම තිළිණය ලෙස සැලකෙන්නේ 1993දී හිමිකරගත් නෝබල් සම්මානයයි. 1964 සිරගත සමයේ එතුමා සිදුකල වේගවත් පැය තුනක දේශණය “I am prepared to dye”නමින් ඉතිහාස ගත වී ඇත. 27 වසරක් තිස්සේ දුක්ඛිත සිර මැදිරිවල ගත කළ එතුමා තමන්ගේ ජීවිත කතාව”Long walk to Freedom” යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා  පිටු 630 ක පොතක් වශයෙන් 1994දී ්‍රසිද්ධ කරන ලදී. එතුමා ජනාධිපති පදවියට පත් වී මාස කිහිපයක් ඇතුළත 1995 ජූනි මාසයේදී සිම්බාබ්වේ හි හරාරේ නුවරදී පැවැත්වූ ිනිස් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කොළඹ ළමා පොත් සංගමයේ සභාපති අම්බලන්පිටිය මහතා ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතා හමු වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ශ්‍රී ලංකාවේදී ඇගයුමට පත් නොවූවද විවිධ ජාත්‍යන්තර සමුළු සම්මන්ත්‍රණ වලදී බොහෝ පැසසුම් හිමිවේ.

මෙවර නෙල්සන් මැන්ඩෙලා සමරු දිනය වෙනුවෙන් පහත සඳහන් ළමා සාහිත්‍යය තරග පැවැත්වේ. දොළොස් මහේ පහන ළමා කුසලතා සංවර්ධන වැඩසටහන යටතේ මෙම මාසයට නියමිතව තිබූ ඉංග්‍රීසි දින තරග ද ආවරණය වන පරිදි මෙම රචනා,චිත්‍ර සහ කථික තරග ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වෙන අතර ඔබගේ නිර්මාණ ජූලි මස දොළොස් වැනි දින හෝ ඊට පෙර සංගමයට ලැබෙන්නට සලස්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

සියලු තරග වල පොදු මාතෘකාව වන්නේ, මානවහිතවාදී නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා යන්නය.සුපුරුදු ලෙස සියලුම තරග  ජේෂ්ඨ- කනිෂ්ඨ සහ ප්‍රාථමික ලෙස කොටස් තුනකට බෙදෙන අතර චිත්‍ර සහ රචනා තරග දෙකෙන් ඉහළම ලකුණු ලබන ජයග්‍රාහකයන්ට පහත සඳහන් පරිදි  තෑගි හිමිවේ

  1. ප්‍රථම ස්ථානය;  මුදලින් රුපියල් 1000 යි. රන් පදක්කම සහ සම්මාන සහතිකය.
  2.  දෙවන ස්ථානය;  මුදලින් රුපියල් 500 යි.  රිදී පදක්කම සහ සම්මාන සහතිකය
  3.  තෙවන ස්ථානය; මුදල රුපියල් 300 යි .  ලෝකඩ පදක්කම සහ සම්මාන සහතිකය.

චිත්‍ර නිර්මාණ කැමති මාධ්‍යයකින් කැමති ප්‍රමාණයේ කොලවල ඇඳීමට පුළුවන. රචනා  ජේෂ්ඨ වචන පන්සීයයි කනිෂ්ඨ චන 250 සහ ප්‍රාථමික වචන 100 වේ. පිටුවේ තනි පැත්තේ ලියා එවන්න.

.”The Hero of the Peace – Nelson Mandela” මැයෙන්  July මස 20 වෙනි දින සජීවී කථික තරගය ද පැවැත්වේ;ඒ සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂිත සිසුන් වේලාසන තම ඉදිරිපත්වීම ලියාපදිංචි කරගත යුතුවේ.   

කථික තරගයේ ජයග්‍රහකයන්ට ඉහත තෑගි හිමි වේ; 

       එක් එක් තරගයට ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් සියයක් වේ. එම මුදල බැංකුවට දමා ලදු පත ඔබගේ නිර්මාණය සමග එවන්න.

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී   දකුණු අප්‍රිකා මහ කොමසාරිස්තුමිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයේ දී ඔබට සම්මාන සහතික ලබා ගැනීමට ලැබෙන මේ දුර්ලභ අවස්ථාව සඳහා අනිවාර්යෙන්ම ඉදිරිපත් වන්න. 

 මැන්ඩෙලා දිනය වෙනුවෙන් ගසක් රෝපණය කර වාර්ෂික රුක්රෝපණ තරගයට ඉදිරිපත් වන්න. විස්තර ඉදිරියේදී.

       වසන්ත ළමා කඳවුර සහ  මද්දුම බණ්ඩාර දිනය ආදී තරග වල ඉතිරි සහතික ද මෙහිදී ඔබට ලබාගත හැකිය. 

ENO මැලේසියා පාරිසරික වැඩමුළුව ලබන නොවැම්බරයේ මැලේසියාවේදී. 

          ආසියාවේ ඉතා දියුණු රාජ්‍යයක් ලෙස සැලකෙන මැලේසියාවට ගොස් ප්‍රායෝගික අධ්‍යාපනික වැඩසටහනකට සහභාගී වී ඔබට වටිනා සහතිකයක් හා අගනා රන් පදක්කමක්  දිනා ගැනීමේ අවස්ථාව නැවතත් උදා වී ඇති බව සතුටින් දන්වමු. වසර කීපයකට ඉහත පැවැත් වූ මෙවැනි වැඩමුළුවකදී දස්කම් විස්කම් පෙන්වා රන් පදක්කම් දිනාගත් අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ ළමයින් 25කට පමණ ඊළඟ වසරේ දී සරසවි යාමට පවා අවස්ථාව උදාවූයේ එම ජාත්‍යන්තර දස්කම් වලින් බව ඔවුන් විසින් අප සංගමය වෙත දන්වා එවන ලදී. 

          මෙම වැඩමුළුවට තෝරාගනු ලබන්නේ  සීමිත පිරිසක් වන අතර මෙවර පැවැත්වෙන නෙල්සන් මැන්ඩෙලා දිනයේ දී ඉහළ සම්මාන ලබන ළමයින්ටත් ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ඇත. එමෙන්ම දොලොස්මහේ පහන වැඩසටහන  මෙන්ම වසන්ත ළමා කදවුර ඇතුළු පසුගිය වැඩසටහන් වල ඉහළ සම්මාන ලැබූ දරුවන්ටත් මේ සඳහා අයදුම් කළ හැකිය. ඔවුන් අතරින් සුදුස්සන් නොමැති වුවහොත් ක්‍රියාකාරී සාමාජිකයන්ට ඒ සඳහා ඉදිරිපත් වීමට පුළුවන.  ෙම අධ්‍යාපන චාරිකාවට තමන් විසින් වියදම් දැරිය යුතු වේ. 

නිව්යෝක් ජාත්‍යන්තර චිත්‍ර   තරගයෙන් ද ශ්‍රී ලංකා හපනුන්ට ජයග්‍රහණ

        ඇමරිකාවේ නිව්යෝර්ක් චිත්‍ර තරගයෙන් ද  මෙවර ශ්‍රී ලංකා චිත්‍ර හපනුන් කීපදෙනෙකුට සම්මාන හිමි වී ඇති බව නිව්යෝක් නුවරින් දන්වා ඇත.

ජාත්‍යන්තර  සිතිජය තරගයේ නිර්මාණ බාරගැනීම ජූලි31 අවසන් වේ 

AGE GROUP : වයස් කාණ්ඩය පහත දැක්වෙන ආකාරයෙනි. මෙවර මාතෘකාව Nature  (සොබාදහම) වේ 

Group K – Age less than 5 Year (Class KG, Nur. etc.)

Group A – 1st Standard (Age up to 5+ to 6 Year)

Group B – 2nd to 3rd Standard (Age up to 6+ to 8 Yr)

Group C – 4th to 6th Standard (Age up to 8+ to 11 Yr)

Group D – 7th to 9th Standard (Age up to 11+ to 14 Yr)

Group E – 10th to 12th Class (Age up to 14+ to 18 Yr)

Group F – For Handicap Participants (No Age Limit)

Group I – Art Teacher & Artists.


SIZE OF ART WORK බර බෝඩ් වල ඇඳීම හෝ චිත්‍ර වලට අමතරව විසිතුරු දෑ ඇලවීම නොකළ යුතුය 

Size of the Painting/ Cartoon/ Digital Art/ Photograph should not exceed 15″x11″ & Size of Greeting should not exceed 7″x10″.

No mounted work will be entertained. ඇතුලත් වීමේ ගාස්තුව එක නිර්මාණයකට රුපියල් 950ක් වෙ

  අපේ රුක් රෝපණ වැඩසටහන

ජුනි 22 පැවැති ජාත්‍යන්තර රුක්රෝපන දිනය වෙනුවෙන් අපේ දිස්ත්‍රික් සංවිධායක හා සාමාජිකයන් විසින් දියත් කරන ලද රුක් රෝපණය පිළිබඳව මෙතෙක් සතුටුදායක ප්‍රතිඵල ලැබි නැති අතර මෙවර පින්ලන්ත වැඩසටහනට සහභාගි වූ asian grammar school පාසල අක්කර තුනක රුක්රෝපන පන්දහසක් සෑදීමට සූදානම් කර ඇති අතර එයින් පසු ගිය  ජූනි 22 වන දින පැල දහසක් රෝපණය කර ඇති බව වාර්තා විය.

      දැනට අපේ රුක්රෝපණ වාර්තා කීපයක් පමණක් ලැබී ඇති අතර උනන්දුවක් දක්වන අය රුක් රෝපණය කළ අවස්ථාවේ ගත්ත ඡායාරූප සමඟ එම  පැළයේ භාවිතා නම, විද්‍යාත්මක නම, උස, පත්‍ර ගනන, ගෙඩි හෝ මල් තිබුනේ නම් ඒ විස්තර,ආදී ඔබ දකින දේ පිළිබඳ වාර්තාවක් ඒවා මේ අගනා වැඩසටහනට සම්බන්ධ වන්න. ඉදිරි මාස 3ක් පුරා මෙම  පැලයේ වාර්තා එවීමෙන් පසු ඔබට පාරිසරික තරගයට ඉදිරිපත් වීමට අවස්ථාව උදාවේ. ඉදිරියේදී මෙම ප්‍රායෝගික තරගය ඔබට ආලෝකයක් වනු ඇත.

අගෝස්තු දීප චාරිකා වැඩසටහන; ලේඛක ලෙනාඩ් වුල්ෆ් හඳුනා දුන්  බැද්දේගම ට යාම

සෑම වසරකම දීප චාරිකාවට වැඩිම සාමාජික පිරිසක් සහභාගි වන අපගේ රත්නපුර දිසා සංවිධායක නියෝජ්‍ය විදුහල්පති ජයරත්න දසනායක මහතාගේ යෝජනාවක් අනුව මෙවර දීප චාරිකාව සාහිත්‍ය ලෝකයේ අමරණීයත්වයට පත් වූ සිළිඳුගේ බැද්දේ ගමට යාමට සැලසුම් කර ඇත. දිසා සංවිධායක දසනායක මහතා ඉදිරි දිනක බැද්දේ ගමට  සමීක්ෂණ චාරිකාවකට ගොස් අවශ්‍ය විස්තර සංගමයට සපයා දෙන බවට දන්වා ඇති අතර ඒ අනුව ඉදිරි දීප චාරිකාව පිළිබඳ විස්තර ඔබ වෙත දන්වා එවනු ඇත.

ඔබගේ සියලු ක්‍රියාකාරකම් ඔබගේ Activity Book  එකේ පැහැදිලිව සටහන් කරගන්න.

     එක් මාසයක ක්‍රියාකාරකම් එකකට වඩා ඇත්නම් ඒවා ද වෙන වෙනම සටහන් තබා ගන්න, 1. දිනය 2.මාතෘකාව 3.ඔබගේ සහභාගිත්වය 4.ඔබගේ අත්දැකීම් ඡායාරූප වාර්තා සහ 5.ඔබට හිමිවන සහතික පිටපත සියල්ල වීම පමණයි ඔබ කළ යුත්තේ.

                                                                   -ළමයින් වෙනුවෙන්ම කැපවූ කොළඹ ළමා පොත් සංගමය.  

Leave a Comment

Your email address will not be published. Required fields are marked *