How hero Madduma Bandara day became National Hero Children’s Day;in Sri Lanka.
In 1987 Asian Children’s Rights Conference held in Ahmednagar, India was the first children’s rights conference.
Attorney-at-Law Ananda Seneviratne and President of the Children’s Book Association Dr. Ambalangapitiya represented Sri Lanka at the conference which was held in Ahmadabad, the birthplace of Mahatma Gandhi. Eventually, representatives from South Asian countries decided to set up a new organization for children in South Asia.
Accordingly, all SAARC representatives agreed to start the children’s conference in Sri Lanka, but the President of the Children’s Book Association had informed the World Conference about the difficulty of organising it under the prevailing war situation in Sri Lanka. At the same time, he suggested that the conference should be started in Nepal, which is located in the Himalayas, which is recognized as a non-threatening peace zone. Dr Ambalampitiya was interested in getting Mr. Gauri Main,as the president of new organisation a law student from Nepal,. It was very difficult to establish such a general organization under the monarchy of King Birendra in Nepal.
(Read the book A Trip to the Birth land of the Buddha written by Dr. Ambalapitiya, to learn more about this.)
Gauri Pradhan is currently the Deputy Attorney General of Nepal.
The South Asian forum for the Rights of Child. is the first International Child rights organisation in South Asia. The seven SAARC countries were Bhutan, Nepal, India, Bangladesh, Pakistan, the Maldives and Sri Lanka. The second meeting of the South Asian Children’s Rights Committee was held in 1988 in Dhaka, Bangladesh. The International SAARC Summit was inaugurated by the then President of Bangladesh, Ershad. At this conference, representatives of the seven member countries discussed current and past information about children in their respective countries. The President of the Children’s Book Association of Sri Lanka introduced the children’s information to the international forum at which they shared information about the various children identified in the recent past.
Accordingly, Dr Ambalapitiya recounted the story of the heroic child hero Veera Madduma Bandara, who was furious at King Sri wicrama Rajasinghe in Senkadagala.As Minister againet to the king , he was angry and decided to kill all family members of the minister. Cruel king wanted to kill everybody of the ministers family. When they get ready to kill younger brother went back . But Weera Madduma Bandara (Only 9 years old) jumped to the sward man and shouted “ My dear brother , don’t be afraid to the death. Our father is a hero of our nation. We should brave children of for our brave father. Sword man, cut my neck,,,,,”
The unanimous decision of all SAARC representatives who heard the story was that no heroic story could ever be found in any SAARC country, like that of Madduma Bandara.
Accordingly, all countries unanimously decided to consider May 17th as the International Child Heroic Day,
President of Children Book society returned back Sri Lanka with this special news.of Madduma Bandara child hero. He informed this special news to Ven Rambekwelle, Pannalankara Thero,Registrar of Malwatta Temple, Kandy.
He acts as a lion in front of a finite injustice. Once he worked as the Dy. Principal of Dharmaraja College, Kandy. .
He went to the Chief Minister of the Central Province PC Imbulana and obtained the permission of the Governor to conduct the celebrations on the occasion of the Madduma Bandara commemoration day in front of the Sri Dalada Maligawa in Kandy.
The Madduma Bandara Children’s Perahera commenced near the Madduma Bandara Statue in front of the Dalada Maligawa under the patronage of the Most Venerable Amunugama Vipassi Thero. Perahera As the crowd approached the Kandy Courthouse, a group of people were instructed to stop and silence the drumbeat. It was a holiday. Seeing the silence of the procession was silenced; Pannalankara Thera went ahead with the usual umbrella.
”It was the British government of these powerful white rulers that killed our hero Madduma Bandara. These law-abiding places today should not be a hindrance to our little hero’s procession. You beat the loud drumming of the heroic Sinhalese. ”Pannalankara Thera became enraged and re-activated. The perahera, which was attended by about two thousand people with a strange sense of nationality and nationality, continued to thrill.
Pannalankara Thero, impressed by this, made a request to Professor Ananda Guruge, Consultant of the Colombo Children’s Book Association and the Unesco Permanent Representative in France, to declare May 17th as World Heroes Day.
Fortunately for the United Nations, this resolution was easily passed in the first round. The United Nations has to approve a resolution like this three times. First it must be ratified by the General Assembly, the second by another Council of a limited number of countries, and the third by the United Nations Special Security Council. When the National Heroes Day is coming up on May 17, many countries are wondering where this new child hero is. The recognition of a little boy with a black skin on a small island in the Indian Ocean as a world hero was not so pleasant to many proud and affluent countries. Fortunately, Weera Madduma Bandara’s proposal came to a second level and came forward. Most disturbed by this, the UN was able to quickly dig up information about the heroes of the past. With the arrival of Prince Madduma Bandara as the third level National Heroic Day, new proposals have emerged about childhood heroes such as Dick Whittington and William Tell, who lived in different countries. Anyway, Madamduma Bandara missed the opportunity to be world-renowned.
But the shocking Madduma Bandara children’s day in 1990 was held annually in Kandy under the patronage of Ven. Rambukwelle Pannalankara Thero. Upon his death, Heroes Day in Colombo has become an annual event held by the Colombo Children’s Book Association to date. The heroic Madduma Bandara children’s heart has been turned into a great tale of national pride and excitement without any special help or assistance from anyone.
A few years ago, when the Veera Madduma Bandara children’s play competition was staged at a Colombo Gothami Girls College, Our member student Telani Ranaweera was playing as Ehelepola Kumarihami on the stage. Small(child) doll was with her hand. Suddenly she felt on the stage. Juri members also shocked and jumped front.
But what has happened? That;s only her acting.
Later, this child actress, won six awards for State Literary Festival performance. She is currently studying at the University of Kelaniya.
It is unfortunate that the National Children’s Day, organized by the Colombo Children’s Book Association annually and voluntarily, has not received the attention or patronage of any responsible person. But of course, there are thousands of children gathering around the Children’s Book Association every year waiting for National Heroes Day.
වීර මද්දුමබණ්ඩාර දිනය ජාතික වීර ළමා දිනය බවට පත් වූ ආකාරය;
1987 වසරේ ඉන්දියාවේ අහමදාබාධ් නගරයේ පැවැති ආසියානු ළමා හිමිකම් සමුළුව ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැවැත් වූ ්‍රථම ළමා සමුළුව ලෙස සැලකේ.
මහත්මා ගාන්දි තුමාගේ ජන්ම භූමිය වූ අහමදාබාධ් නගරයේ පැවති එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ අධිනීතිඥ ආනන්ද සෙනෙවිරත්න මහතා සහ ළමා පොත් සංගමයේ සභාපති ආචාර්ය අම්බලන්පිටිය මහතාය. අවසානයේදී දකුණු ආසියාවේ ළමයින් වෙනුවෙන් නව සංවිධානයක් පිහිටුවීමට දකුණු ආසියානු රටවලින් පැමිණි නියෝජිතයින් විසින් තීරණය කර ලදී.
ඒ අනුව එම ළමා සමුළුව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සාක් රටවල සියලුම නියෝජිතයන් එකඟ වූ නමුත් එවකට ශ්‍රී ලංකාවේ පැවති යුධමය වාතාවරණය යටතේ එවැන්නක් ආරම්භ කිරීමේ දුෂ්කරතාවය ළමා පොත් සංගමයේ සභාපතිවරයා විසින් එම ජගත් සමුළුවට දන්වා සිටින ලදී. ඒ සමගම ඔහු විසින් යෝජනා කරන ලද්දේ මෙම සමුළුව යුද බියෙන් තොර සාම කලාපයක් ලෙස පිළිගැනුණ හිමාල කඳු අතර පිහිටි නේපාල රාජ්‍යයේ ආරම්භ කිරීම සුදුසු බවයි. එම සමුළුවට පැමිණ සිටී නේපාලයේ කත්මණ්ඩු නුවර නීති ශිෂ්‍යයකු වූ gauri ප්‍රධාන මහතා කැමති කරවා ගැනීමට අම්බලම්පිටිය මහතා උනන්දුවිය. එවකට නේපාලයේ පැවැති birendra රජතුමාගේ රාජාණ්ඩුව යටතේ මෙවැනි පොදු සංවිධානය ආරම්භ කිරීම බෙහෙවින් දුෂ්කර කටයුත්තක් විය.
(මේ පිළිබඳව වැඩි දුර දැන ගැනීම සඳහා අපූරු අත්දැකීම් සහිත අම්බලන්පිටිය මහතා ලියූ බුදුන් උපන් දේශයට චාරිකාවක් නැමැති පොත කියවන්න)
අද වන විට ගවුරි ප්‍රධාන් මහතා නේපාලයේ නියෝජ්‍ය නීතිපති ලෙස කටයුතු කරයි.
දකුණු ආසියා ළමා හිමිකම් කමිටුව ළමයින් වෙනුවෙන් දකුණු ආසියාවේ ආරම්භකරන ලද ප්‍රථම ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයයි. එවකට සාක් රටවලට අයත් වූයේ භූතානය නේපාලය ඉන්දියාව බංග්ලාදේශය පකිස්තානය ාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් හතයි. දකුණු ආසියානු ළමා හිමිකම් කමිටුවේ දෙවන රැස්වීම බංගලාදේශයේ ඩකා නගරයේ දී 1988දී පවත්වන ලදී. එවකට බංගලදේශයේ ජනාධිපතිවරයා වූ Ershad මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාත්‍යන්තර සාර්ක් සමුළුව ආරම්භ කරන ලදී. මෙම සමුළුවේදී සත් සාමාජික රටවල නියෝජිතයන් විසින් තම තමන්ගේ රටවල ළමයින් පිළිබඳ වර්තමාන හා අතීත තොරතුරු සාකච්ඡා කර ගන්නා ලදී. ඒ ඒ රටවල ඈත මෑත අතීතයේ හඳුනාගත් විවිධ ළමයින් පිළිබඳ තොරතුරු හුවමාරු කරගත් අතර එම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ළමයින්ගේ අතීත තොරතුරු ළමා පොත් සංගමයේ සභාපතිවරයා විසින් ඒ ජාත්‍යන්තර සමුළුවට හඳුන්වා දෙන ලදී.
ඒ අනුව අම්බලන්පිටිය මහතා විසින් එදා සෙංකඩගල පුරවරයේ සිටි රාජසිංහ රජුගේ බියකරු රාජ උදහසට ලක් වූ විරෝදාර ළමා වීරයා වූ වීර මද්දුම බණ්ඩාරගේ කතා පුවත ගෙන හැර දක්වන ලදී. එම කතා පුවත අසා ගත් සියලුම සාර්ක් රටවල නියෝජිතයන්ගේ ඒකමතික තීරණය වූයේ මද්දුම බණ්ඩාර වීරයා ගේ කතාව තරම් ්‍රබල වීර ළමා කතාවක් කිසිදු සාක් රටකින් සොයාගත නොහැකි වූ බවයි.
ඒ අනුව මද්දුම බණ්ඩාර ළමා වීරයා ගහලයාට මුහුණ දුන් ඒ අවාසනාවන්ත දවස වූ මැයි දාහත් වැනි දිනය ාත්‍යන්තර වීර ළමා දිනය ලෙස සැලකීමට සියලු රටවල් ඒකමතිකව තීරණය කරන ලදී. ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් වූ එම පුවත රැගෙන ්‍රී ලංකාවට පැමිණි අම්බලන්පිටිය මහතා එවකට කොළඹ ළමා පොත් සංගමයේ මහනුවර දිසා සංවිධායක ධුරය ඉසිලූ මල්වතු මහා විහාරයේ ලේඛකාධිකාරී ගෞරවණීය රඹුක්වැල්ලේ පඤ්ඤාලංකාර හිමියන් වෙත මෙම පුවත දන්වන ලදී
වරෙක නුවර ධර්මරාජ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය පවා ඉසිලූ උන්වහන්සේ අයුක්තිය අසාදාරනය ඉදිරියේ සිංහයෙකු ලෙස කෝපයට පත්වන සුපේශල ශික්ෂාකාමී පඬි රුවනක් විය.
එවකට මධ්‍යම පළාතේ මහා අමාත්‍ය P.C. ඉඹුලාන මහතා වෙත ගිය උන්වහන්සේ වීර මද්දුමබණ්ඩාර සමරු දිනය මහත් උත්සව ශ්‍රීයෙන් පැවැත්වීම සඳහා ආණ්ඩුකාර තුමාගේ අවසරය ලබාගෙන එම උත්සවය මහනුවර ශ්‍රී දළදා මන්දිරය ඉදිරියේ දී පැවැත්වීම සඳහා මධ්‍යම පළාතේ සියලුම පාසල්වලින් ළමයින් දෙදහසක කණ්ඩායමක් රැස්කර ගැනීමට සමත් වූහ.
එවකට මල්වතු විහාර ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අමුණුගම විපස්සි මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් දළදා මාලිගාව ඉදිරියේදී මද්දුම බණ්ඩාර ළමා පෙරහැර උඩමළුවේ පිහිටි මද්දුමබණ්ඩාර ප්‍රතිමාව අසලින් ආරම්භ වී මහනුවර වීදි හරහා ගමන් කරන්නට විය. පෙරහර මහනුවර උසාවිය අසලින් යත්ම එක්තරා කණ්ඩායමක් උසාවිය අසලින් පෙරහර යාමේදී බෙරහඬ දවුල් හඬ නවත්වා නිශ්ශබ්ද වන ලෙසට පෙරහැරට උපදෙස් දෙන ලදී. ඇත්තෙන්ම එදා නිවාඩු දවසක් විය. පෙරහැරේ දවුල් හඬ නිහඬවන බව දුටු ;;;;; පඤ්ඤාලංකාර හිමියන් සුපුරුදු කුඩය ඉදිරියට පාමින් පෙරහර ඉදිරියට වැඩියහ.” එදත් මේ බලලෝභී සුදු පාලකයන්ගේ ආණ්ඩුව තමයි අපේ වීර මද්දුම බණ්ඩාර පුංචි කුමරා මරා දැම්මේ. අදත් ඔවුන්ගේ නීතිය මෙහෙයවන මේ ස්ථාන අපේ කුඩා වීරයාගේ පෙරහැරට බාදාවක් නොවිය යුතුයි. උඹලා තවත් හයියෙන් ගහපල්ලා වීර සිංහලයන්ගේ බෙර පදය.” කියමින් පඤ්ඤාලංකාර හිමියන් අතිශයින් කෝප පත්වූයේ නැවතත් ෙරහැර සක්‍රිය කළ සේක. දේශීයත්වය සහ ජාතිකත්වය පිළිබඳ අමුතු හැඟීමකින් දෙදහසක් පමණ පමණ වූ මහ පෙරහර මහනුවර ගිගුම් දෙවමින් තවත් ඉදිරියට ඇදී යන්නට විය.
මෙම සිදු වීමෙන් උද්දාමයට පත් පඤ්ඤාලංකාර හිමියන් විසින් මැයි දාහත් වැනි දිනය ලෝක වීර ළමා දිනය ලෙස පත් කරන ලෙස එවකට කොළඹ ළමා පොත් සංගමයේ උපදේශක සහ ප්‍රංශයේ unesco නිත්‍ය නියෝජිත මහාචාර්ය ආනන්ද ගුරුගේ මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මහත් වාසනාවකට මෙන් පළවෙනි වටයේදී පහසුවෙන්ම සම්මත විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙවැනි යෝජනාවක් තුන් වරක් අනුමත විය යුතුය. පළමුවරට මහා සභාවෙන්ද දෙවන වර එය රටවල් සීමිත සංඛ්‍යාවක් අයත් වන තවත් මණ්ඩලයකින් සහ තුන්වැනි වර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ආරක්ෂක මණ්ඩලයෙන් ද අනුමත වී යුතුය. දෙවැනි මට්ටමට මැයි17 ජාතික වීර ළමා දිනය ඉදිරියට එනු දුටු බොහෝ රටවල් කවුද මේ අලුත් ළමා වීරයා කොහෙද මේ ලංකාව කියා විමසිලිමත් වන්නට විය. ඉන්දියන් සාගරයේ කුඩා දූපතක කළු හම ඇති පුංචි කුමාරයෙක් ලෝක ළමා වීරයා ලෙස පිළිගැනීම බොහෝ ආඩම්බර දියුණු ධනවත් රටවලට එතරම් ප්‍රියමනාප සිදුවීමක් නොවීය. එහෙත් වාසනාවකට මෙන් වීර මද්දුම බණ්ඩාර යෝජනාව දෙවැනි මට්ටමෙන්ද අනුමත වී පෙරට පැමිණියේය. මෙයින් වඩාත් කලබලයට පත්වූ ජගත් සභාවේ මහන්තත්ත රටවල් නොපමා වම ඒ ඒ රටවල අතීතයේ සිටි වීර ළමයින් පිළිබඳ තොරතුරු හාරා අවුස්සන්නට විය. තුන්වෙනි මට්ටමේ ජාතික වීර ළමා දිනය ලෙස මද්දුම බණ්ඩාර කුමරුගේ නාමය ඉතිහාස ගත වන්නට තිබූ අවස්ථාව ආසන්නවත්ම විවිධ රටවල ජීවත්වූ Dick whittington සහ විලියම් ටෙල් වැනි ළමා වීරයන් පිළිබඳව නව යෝජනා ඉදිරිපත් වන්නට විය. කෙසේ හෝ මද්දුම බණ්ඩාර කුමාරයාගේ ලෝක පූජිත වීමට තිබූ ඒ අගනා අවස්ථාව නූලෙන් මග හැරී ගියේ ය.
එහෙත් 1990 දී සිදු වූ ඒ අතිශයෙන් කම්පිත වූ මද්දුම බණ්ඩාර ළමා දිනය එදා සිට පඤ්ඤාලංකාර හිමියන්ගේ අනුශාසකත්වය යටතේ මහනුවරදී වාර්ෂිකව පවත්වන්නට විය. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු කොළඹට ආ වීර ළමා දිනය අද දක්වාම කොළඹ ළමා පොත් සංගමය විසින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද වාර්ෂිකව පවත්වන උත්සවයක් බවට පත්ව ඇත. කිසිවෙකුගේ කිසිදු විශේෂ උදව්-උපකාර ආධාරයකින් තොරව ස්වෙච්ඡාවෙන් පවත්වන වීර මද්දුම බණ්ඩාර ළමා හදවතක් ජාතිකාභිමානයෙන් මහත් උද්දාමයට පත් කරවන උතුම් කතා වස්තුවක් බවට පත්ව ඇත.
දැනට වසර කීපයකට පෙර වීර මද්දුම බණ්ඩාර ළමා නාට්‍යය තරගය කොළඹ විදුහලක වේදිකාගත වන වතාවේ දී එහි ඇහැලේපොළ කුමාරිහාමිගේ චරිතය රඟපෑ තෙරණි රණවීර සාමාජික දියණිය කෙතරම් සාර්ථක ලෙස තාත්වික රංගනයක යෙදුණේ ද කිවහොත් ඇය එක්වරම තම අතේ හිටි ළමා බෝනික්කා සමඟ වේදිකාවේ වැටුන විගස විනිශ්ච මණ්ඩලය පවා ක්ෂණික තැති ගැන්මකට ලක්වී ඉදිරියට පැන්නේය. ු කලෙක මෙම සාමාජිකාව රාජ්‍ය සාහිත්‍ය උත්සව රංගන කුසලතා වෙනුවෙන් සම්මාන හයක් දිනා ගන්නා ලදී. ඇය දැනට කැලණිය සරසවියේ ධ්‍යාපන කටයුතු වල නිරතව සිටි.
කොළඹ ළමා පොත් සංගමය වාර්ෂිකව ආයාසයෙන් සහ ස්වේච්ඡාවෙන් සංවිධානය කරන ජාතික වීර ළමා දිනයට මේ දක්වාම කිසිදු වගකිව යුත්තෙකු ගේ අවධානය හෝ අනුග්‍රහය නොලැබීම ජාතියේම අවාසනාවක් ලෙස සැලකිය හැකිය. එහෙත් සෑම වසරකම ජාතික වීර ළමා දිනය එනතුරු බලාසිටින දහසක් දරුවන් ළමා පොත් සංගමය වටා රටපුරා රැස්වී සිටින බව නම් නොකිවමනාය.