Environment Cycling Competition පාරිසරික පාපැදි සවාරියට ඇතුළත් වීමේ අයදුම්පත්‍රය;

මෙන්න ඔබට ජාත්‍යන්තර සහතිකයක් දිනා ගත හැකි අපට සුපුරුදු සරල තරගයක්. ඒ තමයි පින්ලන්තය ලෝක පරිසර සංවිධානය(ENO) සංවිධානය…

Posted by Dhammadesha Ambalampitiya on Tuesday, August 13, 2019

තරගයට ඇතුළත්වීම සඳහා ඔබ වයස අවුරුදු 18 ට අඩු සිසුවෙක් හෝ සිසුවියක් විය යුතුයි. පාපැදි  පැදීම සම්බන්ධව ඔබට යහපත් පුහුණුවක් තිබිය යුතුයි. මෙම පාරිසරික පාපැදි සවාරිය ධාවන තරගයක් නොවන බව කල්පනා කළ යුතුයි. මෙම පාපැදි සවාරියට  ඔබටම වුව ද සංවිධානය කර ගැනීමට පුළුවන.

 මෙම  සවාරිය සඳහා අඩු තරමින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුලත් කරගත යුතුය.

 ඔබ  ළමා පුස්තකාල පාඨක සමාජයක හෝ  සංගමයේ සාමාජිකයෙක් නොවුනද මේ සඳහා ඔබට සහභාගි වීමේ අවස්ථාව උදා කර ගැනීමට පුළුවන

මෙම පාරිසරික වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම 2019 සැප්තැම්බර් 8 වැනිදා අවසන් වේ.

 ඔබ ප්‍රදේශයේ ළමා පොත් සංගමයේ නියෝජිතයකු සිටී නම් ඔහු හෝ ඇය හරහා එය සංගමයට ඉදිරිපත් කළ යුතුයි.

 එසේ නොමැති අවස්ථාවක ඔබ විසින්  පාපැදි සවාරියට සහභාගී වන පස් දෙනෙකු හෝ ඊට වැඩි අයගේ නම් පහත සඳහන් අයදුම්පත ඇතුලත් කර සංගමයට එවිය යුතුයි.

  පාපැදි සවාරිය සඳහා ඇතුලත්වීමේ ගාස්තුවක්  අය නොකෙරේ.

 එහෙත් ඔබ ළමා පොත්  සංගමයේ සාමාජිකත්වය ලබා ගත යුතුය. එයින් කියවෙන්නේ සංගමේ සමාජිකත්වය නොතිබුණ ද ඔබට මෙම සවාරියට සහභාගී වීමට හැකි බවත් ජාත්‍යන්තර සහතිකය ලබා ගැනීමට පළමුව සාමාජිකත්වය ලබාගත යුතු බවත්ය.

මෙම පරිසර හිතකාමී සවාරියට සහභාගී වන ඔබට  ජාත්‍යන්තර සහතිකයක් දිනා ගැනීමේ අවස්ථාව හිමි වේ.

 පාපැදි සවාරියට සහභාගී වන සියලු දෙනා වාහන තදබද වලින් තොර  ආරක්ෂිත ප්‍රදේශයක සවාරියට ඇතුළත්වන ධාවන පථය පළමුව කතිකා කර ගත යුතුය. සියලු දෙනා එක්ව  සවාරියට සහභාගී විය යුතු අතර, සියලු දෙනා ළඟම ජංගම දුරකථනයක් භාවිත කළ හැකිය. එමගින් ඔබේ සවාරිය පිළිබඳව ජංගම කෙටි වීඩියෝ ඡායාරූපයක් ගත යුතු අතර එය සංගමයට එවිය යුතුය. 

පරිසරයේ අගය කියාපාන ලේබලයත් ඔබ සවාරියට අඳින ටී ෂර්ට් එකේ අලවාගන්න  මෙම ලේබල වේලාසන අය්දුම් කරන අයට සංගමෙන් ලබාදීමට අපේක්ෂිතය.

 මෙම පාපැදි සවාරියේ යෙදෙන නායකයාට ආධාර කැටයත් භාවිතා කළ හැකි අතර එම අරමුදල් භාවිතා කර සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැකි වනු ඇත. 

                          පාරිසරික පාපැදි සවාරිය සඳහා අයදුම්පත

1.  සහභාගි වන්නාගේ නම;  ………………………………………………………………

2.  ලිපිනය;……………………………………………………………………………………………….

3   උපන්දිනය’ …………………………………………………………………………..

4.  ඉගෙනුම ලබන පාසල සහ වසර ‘ …………………………………………………….

5. පාපැදි සවාරිය ගමන් කිරීමට අපේක්ෂිත ස්ථාන  සහ එම ස්ථාන අතර දුර (කිලෝමීටර් 10 කට වඩා අඩුවිය යුතුයි)

……………………….                                       ……………………………..

මෙම සවාරිය සඳහා අනුමැතිය ලබා දෙමි.                        අයදුම්කරුගේ අත්සන.

      මව/ පියා/ භාරකරුගේ අත්සන.

පාරිසරික පාපැදි තරගයට ඇතුළත් වීමේ අයදුම්පත්‍රය;

Leave a Comment

Your email address will not be published. Required fields are marked *